(කොළඹ, ලංකාපුවත්) – රට ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට උගත් ශ්‍රම බලකායක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිසු දැරියන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සිදු විය. නව ගොඩනැගිල්ල මහල් අටකින් යුක්තය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
“ඔබ මතක තබා ගත යුතුයි අපේ ඒක පුද්ගල ආදායම වැඩි වනවාත් සමගම භූතානයට සහ මාලදිවයිනට වඩා වැඩි ආදායමක් අපට ලැබෙනවා. අපට ආර්ථිකව නැගී සිටීමට නම් උගත් ශ්‍රම බලකායක් අවශ්‍යයි. එසේ නැතිව අපට මියන්මාරය, බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව සමග තරගවදින්න බැහැ. එම නිසා අපිට උගත් කාන්තාවන් අවශ්‍ය වනවා. කාන්තාවන් ඉදිරියටම ගොස් රට දියුණු කිරීමට සහාය ලබා දීම අවශ්‍යයි. “