(කොළඹ, ලංකාපුවත්) – ආපදා කළමනාකරණය සඳහා වඩාත් විද්‍යාත්මක හා කල් පවතින ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගැනීමට කාලය පැමිණ තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජීවත්වීම උදෙසා විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදෙන මිනිස් සමාජය දැනුවත්ව හා නොදැනුවත්ව ආපදා අවස්ථාවන් සිය ජීවිතයේ කොටසක් කර ගන්නා තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි. දිනෙන් දින සිදුවන වෙනස්වීම් ලෝකයේම දායකත්වය ඇතිව සිදුවන බවත්, ඒ තුළින් මතුවන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පැවරෙන වගකීම සමත්ථ ලෝකයම බාර ගත යුතුවා සේම ආපදා අවම කර ගැනීමේ ක්‍රමවේදයන් වෙනුවෙන්ද කලාපීය හා ගෝලීය වශයෙන් එක්ව කි‍්‍රයාත්මක විය යුතු බවත් ඔහු පැවසීය.
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති අබාධ තත්ත්වයන් හා ආපදා කළමනාකරණ ජාත්‍යන්තර සමුළුව අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
රටවල් 25 ක නියෝජිතයින් සහභාගී වූ මෙම සමුළුව ආරම්භ වූයේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හෂිනා මැතිණියගේ ප්‍රධානත්වයෙනි. එහි අවසන් ප්‍රධාන සැසිවාරය පසුගියදා (17) පැවැත්වුනේ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සභාපතිත්වය යටතේය.
ආපදා කළමනාකරණ ජාතික සැලැස්මක් බංග්ලාදේශය සඳහා හදුන්වාදීම වෙනුවෙන් මෙම සමුළුව කැඳවා තිබිණ.
ආපදා කළමනාකරණයේදී ශී‍්‍ර ලංකාවටද විශේෂ අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවත්, නොසැලකිලිමත් කි්රයාවන් හමුවේ විවිධ ආපදාවන්ට ලක්ව ජීවිත රැුසක් අහිමි වූ බවත් අමාත්‍යවරයා මෙම සමුළුවේදී පෙන්වා දුන්නේය. දේශපාලන අවශ්‍යතාවන් මත පමණක් ඉදිකිරීම් හා අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමද ශී‍්‍ර ලංකාවේ ආපදාවන් ඉහළ යාමට හේතුවක් වී ඇතැයිද ඔහු පැවසීය. කෙසේ වෙතත් මින් ඉදිරියට නිවැරදි හා විද්‍යාත්මක තක්ෂේරු කිරීම්වලින් අනතුරුව පමණක් සියළු සංවර්ධන කටයුතු සිදු කිරීමට වත්මන් රජයේ අවදානය යොමු වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
ආපදා කළමනාකරණයේදී වැදගත්ම අංගය වන්නේද ආපදා සිදුවීමේ ප්රවනතාව අවම කිරීම බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එවැනි වැඩපිළීවෙලක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන අතරම ජනතාවද නිසි ලෙස දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවයි. සමුළුවේදී ශී‍්‍ර ලංකාව ලබා දුන් දායකත්වය අගයමින් අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමිණ. එය පිරිනමන ලද්දේ බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ අමාත්‍ය හුසේන් චවුද්රි මහතා විසිනි.
සමුළුව අද(18)දා අවසන් වීමට නියමිතව තිබුණද මෙරටට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හා ඒ මත ඇති වීමට ඉඩ ඇති ආපදා අවදානම පිළිබඳ අවදානය යොමු කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමුළුව නිමා වීමට දිනක් තිබියදී යළි දිවයිනට පැමිණියේය.
ඔහු දිවයිනට පැමිණි විගස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාල අංශ සමග සම්බන්ධ වී ඇති විය හැකි යම් කිසි ආපදා තත්ත්වයක් වේනම් ඒවා පාලනය කිරීමට හා ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ අදාල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කළේය.