හැරී – මේගන් විවාහය නැරඹීමට ජන ගඟක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට පැවැත්වෙන හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය නැරඹීමට සඳහා දින ගණනාවක් සිට ජනතාව මාර්ගය දෙපස රැඳි සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ලොව විවිධ රටවලින් පැමිණි රාජකීය මංගල්‍යය සියැසින් දැක ගැනීම සඳහා මෙම පිරිස් එක්රැස්ව සිටි. රාජකීය මංගල්‍ය නැරඹීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් එක්රැස් වනු ඇතැයි සංවිධායකයින් පවසා තිබේ.

බොහෝ දෙනා හොඳින් විවාහක යුවල දැක ගත හැකි වන පරිදි සුදුසු ස්ථානයක රැඳි සිටීමට උත්සුක වන බැවින් ඇතැම් අය දින 4ක් 5ක් පමණ මාර්ගය ආසන්නයේ කඳවුරු බැද සිටින බවත් වාර්තා වේ. බොහෝ නිහඩ ප්‍රදේශයක් වන වින්ස්ඩර් මාලිගාව අවට ප්‍රදේශයේ මේ දිනවල ඇත්තේ දැඩි තදබදයක් බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *