රබර්-පොල්-කුරුඳු අපනයනයෙන් කෝටි 80,000ක ඓතිහාසික ආදායමක්

(ලංකාපුවත් | කොළඹ) – රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ.

මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායම බව වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති උත්සවයකදී පෙරේදා (28) පැවසීය.

මේ ව1සර තුළ තේ කිලෝ මිලියන 305ක අස්වැන්නක් හිමි කර ගෙන ඇති අතර, තේ කර්මාන්තයෙන් ඉහළ අපනයන අදායමක් හිමි කර ගැනීමට හැකියාව පැවතිය ද එම අවස්ථාව අහිමි වී ගිය බව ද හෙතෙම කීවේය. අභියෝග හමුවේ එළැඹෙන නව වසර තේ කර්මාන්තයේ ලාභදායීම වසර කිරීම සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කැප වීම බලාපොරොත්තු වන බව ද කීවේය. තේ නැවත වගා කිරීම වැඩි වශයෙන් වූ මේ වසරේදී තේ වගාවට එක්වන ඕනෑම කෙනකුට නොමිලයේ තේ පැළ හා කොම්පෝස්ට් පොහොර දීමට ආණ්ඩුව සූදානම් හෙයින් සාම්ප්‍රදායික වගාවෙන් ඔබ්බට ගොස් වඩා හොඳ වැවිලි ආර්ථිකයක් ගොඩ නැඟීමේ වැඩපිළිවෙළට දායක වීමේ හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන් ඇමැතිවරයා තේ පැළ ඉල්ලුම් කර ඇති සියලු දෙනාට අවශ්‍ය තාක්ෂණික දැනුම හා තත්ත්වයෙන් උසස් ගුණාත්මක තේ පැළ දීමට පියවර ගන්නා බව ද කීවේය.

පෙබරවාරි මාසය වන විට පොහොර ගැටලුව විසඳීමටත්, අමු තේ දලුවලට ඉහළ මිලක් දීම සම්බන්ධයෙනුත් මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *