ලක්ෂ 03ක අල්ලසකට සැරසුණු ස්ථානාධිපතිට මාංචු

(කොළඹ, ලංකාපුවත්) – වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 03ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම මගින් අද(10) අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අද පස්වරුවේ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වාලච්චේන ප්‍රදේශයේ ගඩොල්කැපීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ව තිබුණි.

එම කර්මාන්තයට අවශ්‍ය පාරිසරික වාර්තාව සඳහා පොලීසියෙන් ලබා ගත යුතු අනුමැතිය සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් මොහු විසින් ඉල්ලා තිබේ.

ඒ අනූව, අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනූව අද පෙරවරුවේ ලක්ෂ 3ක මුදලක් ව්‍යාපාරිකයා විසින් පොලිස් නිලධාරියාට ලබා දෙන අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත්අඩංගුවට ගැනීම වාලච්චේන ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *