”ගම්පෙරළිය” ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –”ගම්පෙරළිය” ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක් බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකටම මිලියන 200ක් මුදල් වෙන් වෙනවා. අපට අවශ්‍ය ජනතාව අතරට ගිහිල්ලා සංවර්ධනය අවසන් කිරීමයි. සම්පූර්ණයෙන් එයට වගකියන පිරිසක් අවශ්‍යයි.ගම්පෙරළිය ක්‍රියාත්මක කිරීම ගැන මුදල් වෙන් කිරීම ගැන තියෙනවා, ක්‍රියාත්මක කිරීමට පසු විපරමක් කිරීමයි මන්ත්‍රීවරුන්ට පහසුකම් සපයලා එම ප්‍රදේශ අධීක්ෂණය කරන්න මෙවැනි වැඩසටහනක් ආරම්භ කර තිබෙන්නේ යැයි ද මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *