ට්‍රම්ප්ගෙන් සමීප හිතවතෙකුට චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ගේ සමීප හිතවතෙකු වූ මයිකල් කොහෙන්ට විරුද්ධව චෝදනා එල්ලකර තිබේ.

මයිකල් කොහෙන් ජනාධිපති ට්‍රම්ප් සමග දශකයකට වැඩි කාලයක් ඉතා සමීපව කටයුතු කළ අයෙකි. නීතීඥයෙකු වන කෝහෙන්, ට්‍රම්ප්ගේ ගනුදෙනු රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.

පසුගිය අමෙරිකා ජනාධිපතිවරණ සමයේදී සිදුකළ නීතිවිරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මයිකල් කොහෙන් වරද පිළිගගෙන තිබුණි. ඒ අනුව ඔහු චෝදනා අටක් සදහා වැරදිකරු වී ඇති බව සදහන්ය.

එම නීති විරෝධී කාර්යයන් සිදු කළේ එවක ජනාධිපති ධුර අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුදැනුම මත බව කෝහෙන් අධිකරණය හමුවේ පවසා තිබුනි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි. එසේම සිය චරිතය ඝාතනය කිරීමේ අරමුණෙන් කෝහෙන් අසත්‍ය පුවත් මවන බවට අමෙරිකා ජනාධිපතිවරයා චෝදනාකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *