බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක වෙළදපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. එය ඊයේ(24) වසර 4කින් පසු උපරිම අගය වාර්තා කළේය.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ වාර්තා වූයේ ඩොලර් 81.16ක් ලෙසයි. ඊයේ දිනයේ පමණක් එය 3%කින් ඉහළ ගියා. මීට පෙර ඩොලර් 81 සීමාවේ බොරතෙල් බැරලයක මිල පැවතියේ 2014 නොවැම්බර් මාසයේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තෙල් නිෂ්පාදනය ඉහළ නංවන ලෙස රුසියාවෙන් සහ ඔපෙක් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

එමගින්, ඉන්ධන මිල පාලනය කිරීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව විය. නමුත්, එම දෙපාර්ශවයම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ලොව වැඩිපුරම තෙල් නිෂ්පාදනය කරන්නේ ඔපෙක් සංවිධානයට අයත් රටවල් ය. ඔපෙක් සංවිධානයට අයත් නොවන රුසියාව දෙවැනි විශාලතම තෙල් නිෂ්පාදකයායි. ඉරානයට අමෙරිකාව විසින් පැනවූ සම්බාධක ලබන නොවැම්බර් මාසයේ බලපැවැත්වීමට නියමිත අතර එමගින් ඉන්ධන මිලට දැඩි බලපෑමක් එල් වනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්ලේෂකයින් පවසන්නේ, ලබන වසර මුල වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් සියය ඉක්මවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *