(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සඳහා සී ෂෙල්ස් රාජ්‍යට පිටත්ව ගොස් තිබේ. ඒ සීෂෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුවයි.
අද(08) අළුයම 2.10ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ජනාධිපතිතුමා පිටත්ව ගොස් ඇත.
ජනාධිපතිතුමා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය එරට ජනාධිපති මන්දිරයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය තුළදී ජනාධිපතිතුමා එරට ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතය. එමෙන්ම ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකන් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ. මෙම සංචාරයේ දී දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන ,සංචාරක , ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වසර 30 ක් තුළ සලකුණු කර ඇති අතර මෙම සංචාරය තුළින් එම සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.
සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ විය.