මෝදර වෙඩි තැබීමක් – 05කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – මෝදර ප්‍රදේශයේ අස(10) සවස 03.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා ඇත.

මෙලෙස තුවාල ලබා ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් සිවුදෙනෙක් සහ කාන්තාවක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම වෙඩි තැබීම මෝදර පඤඤානන්ද මංසන්ධියේ ආසන්නයේ සිදුවී තිබෙන අතර තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *