(කොළඹ, ලංකාපුවත්) – නව වසර උදාවත් සමග ඉතාලියේ රෝම නගරයේ දරු උපත් හතරක් සිදු වී ඇති අතර ඉන් එක් උපතක් ලබා දී ඇත්තේ ශ්රී ලාංකික මවකි.
2019 වසර උදාවී තත්පර 10කින් එනම් අලුයම 12යි තත්පර 10ට රෝමයේ සාන්ත පිලිප් නේරි රෝහලේදී උපත ලද මේ දරුවා ගේ දෙමව්පියන් වන්නේ වසර ගණනාවක සිට ඉතාලියේ රෝමයේ සාන්ත පියෙත්රා ප්රදේශයේ ජීවත්වන ප්රසාද් බණ්ඩාර හා මධුභාෂිණි යාපා යුවළයි. කිලෝ 4.8 ක් බරින් උපත ලද මෙම නිරෝගිමත් දරුවා ඉතාලියට ගෞරවයක් ලෙස ඉතලෝ බණ්ඩාර ලෙස නම් තැබූ බව සඳහන් වේ.
නව අවුරුදු කුමරාට සුබ පැතීමට රෝම නගරාධිපතිනී වර්ජිනියා රෙජ්ජි ද නව වසරේ පළමු දිනයේ දීම රෝහලට පැමිණ තිබුණි.