සීගිරිය නැරඹීමේ වේලාවේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) –සීගිරිය නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වේලාව අද (15) සිට උදෑසන 6.30 ට ආරම්භ කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම තීරණය ගෙන තිබේ. සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ මීට පෙර උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාලයේදීය.

විදේශීය සංචාරකයින් ගේ ඉල්ලීම පරිදි මෙය වෙනස් කර තිබේ. ඒ අනුව, පස්වරු 5.00 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ.

සීගිරියේ සිට ඉර පායන දර්ශනය නැරඹීම සඳහා විදේශිකයින් දැඩි කැමැත්තක් දක්වන බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *