ඉන්දියාවත් බෝයිං තහනමට එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බෝයිං 737 මැක්ස් වර්ගයේ මගී ගුවන් යානා තහනම් කළ රටවල් අතරට ඉන්දියාව ද එක්වී ඇත.

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් රැසක් මේ වන විට බෝයිං 737 මැක්ස් වර්ගයේ යානාවලට තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පුද්ගලයින් 157 දෙනෙකු රැගත් බෝයිං 737 මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානයක් පසුගිය ඉරිදා අනතුරට ලක්වීමේ ආසන්නතම සිද්ධිය මීට හේතු වී ඇත.

කෙසේවෙතත් අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම වර්ගයේ ගුවන් යානා ගුවන් ගමන් සඳහා තවදුරටත් ආරක්ෂිත බවට විශ්වාස කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *