EPICA සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතන සංගමය,(Association of Accredited Advertising Agencies/4As) ජාත්‍යන්තර Epica සම්මාන සමඟ සම්බන්ධව,Epicaවිශේෂ සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කරයි.

අගෝස්තු මස 16-17 දින එක හමාරක් පුරා දේශීය සහ ජාත්‍යන්තර නිර්මාණකරුවන්ගේ මූලිකත්වයෙන් විශේෂ සැසිවාර සහ වැඩමුළු පවත්වමින් ශ්‍රී ලාංකේය සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුනි.

වෙළඳ ප්‍රචාරණය(advertising), ඩිසයින්(design), මාධ්‍ය (media), PR සහ ඩිජිටල් (digital)යන ක්ෂේත්‍රයන්හි නිර්මාණාත්මක බව ඇගයීම මූලික කරගෙන 1987 වසරේ ප්‍රංශයේ දී Epica සම්මාන උළෙල ආරම්භ කරන ලදී.Adweek, Creative Review, Shots, C-NET සහ Forbes වැනි සන්නිවේදන සඟරා, වෙබ් අඩවි ඇතුළු අලෙවිකරණ ආයතන 200කට වැඩි සංඛ්‍යාවක කලාවේදීන් මෙහි ජූරිය සඳහා සහභාගීවීමEpica සම්මානයන්හි විශේෂත්වයයි.මේ වන විට Epica සම්මාන උළෙල සඳහා ලොවපුරා රටවල් 70ක පමණ වෙළඳ ප්‍රචාරණ ආයතන(agencies,), නිෂ්පාදන ආයතන(production companies), මාධ්‍ය උපදේශකයින්(media consultancies), ඡායාරූප ශිල්පීන් (photographers) සහ ඩිසයින් ස්ටූඩියෝ (design studios) සහභාගී වේ.

‘අප, Epica සම්මාන උළෙල සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රීලංකාවේ පළමු වරට පවත්වන මෙම සම්මාන උළෙල, දශකයකින් පමණ පසුව කරන ලාංකේයනිර්මාණකරුවන් ඇගයීමකි.එමෙන්ම දේශීය ප්‍රචාරණ ආයතන බොහොමයක්ම ජාත්‍යන්තර සම්මාන ජයගත් නමුදු, ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ජූරියක් දේශීය නිර්මාණකරුවන්ට නොමැති වීම සහ තියුණු තරගයක අවශ්‍යතාවයත් සපුරමින් අප, Epica සම්මාන උළෙල සමඟ සම්බන්ධ වීමට අදහස් කළෙමු. එමඟින් ජාත්‍යන්තර උළෙලක ප්‍රමිතිය මෙන්ම කලාපයේ ප්‍රමුඛයින් පිරිසක් මෙහි අපක්ෂපාතී ජූරිය ලෙස කටයුතු සිදු කිරීමද විශේෂත්වයකි.’ මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලාංකේය4As හි සභාපති, සුගිබන් සත්‍යමූර්ති තම අදහස් පළ කළේය.

වෙළඳ ප්‍රචාරණය(advertising), අලෙවිකරණය(marketing), නිෂ්පාදනය(production), ඩිසයින්(design), උසස් වෙළෙඳ නාමකරණය (luxury branding) සහ VR (virtual reality) වැනි ක්ෂේත්‍රවල විශේෂඥයින් Epica ශ්‍රී ලාංකේය සම්මාන උළෙල සඳහා සහභාගීවන අතර ඔවුන්ගෙන් ඇතැමෙක් Epica ප්‍රධාන සම්මාන උළෙලේ සාමාජිකයින්දවන්නේය.දේශීය උළෙලේ ජූරි මණ්ඩල සැකසුම් ඒකකයේ ප්‍රධානී වශයෙන්ද ශ්‍රී ලංකාවේ අවසන් වටයේ ජූරිය සාමාජිකයෙක් වශයෙන්ද Epica ප්‍රධාන සම්මාන උළෙලේ කතුවැකි අධ්‍යක්ෂක, මාර්ක් ටන්ගේට් සහභාගී වෙයි.

‘නිර්මාණ ක්ෂේත්‍රයේ, ප්‍රචාරණ ආයතන(advertising agencies), මාධ්‍ය ආයතන(media stations), නිෂ්පාදන ආයතන(production houses), ඇප් නිර්මාණකරුවන්(app developers), අන්තර්ගත නිර්මාණකරුවන් (content creators), ඡායාරූප ශිල්පීන් හෝ ඉලස්ට්‍රේටර් නිර්මාණකරුවන් (photographers or illustrators)සඳහා තම දක්ෂතා පෙන්වීමටEpica සම්මාන උළෙලහොඳ අවස්ථාවක් වනු ඇත. ආයතනික හෝ ස්වාධීනව, විවිධ ක්ෂේත්‍රයන් යටතේ කළ නිර්මාණ අප සාදරයෙන් අගයකොට පිළිගන්නවා. තරගය වඩාත් තියුණු කරමින්, නිර්මාණකරණයේ ආශ්වාදීය හැඟීම අප රටට ලබා දීමයි, අපට අවශ්‍ය. ඒ වගේම අප විශ්වාස කරනවා, තියුණු තරගයක් තුළින් ගනුදෙනුකරුවන් සහ පාරිභෝගිකයන් සඳහා වඩාත් නිර්මාණශීලී නිර්මාණ කළ හැකියි’ යැයි ශ්‍රී ලංකා IAA හි සභාපති, තාරක රන්වල පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *