(කොළඹ, ලංකාපුවත්) –ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අවධරණය කරයි.
ත්‍රස්තවාදය පිටුදැකීම සදහා ප්‍රති ත්‍රස්ත සංචාරක ගමන් වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පසුගියදා පැවැත්විනි. එම වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාව, කෙන්යාව, හා නවසීලන්තයේ මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මගින් ගෝලීය මට්ටමෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ අවශ්‍යතාව යළිත් සිහිපත් කරනු ලබන බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම ප්‍රහාරවල් හේතු කර ගනිමින් එක්සත් ජාතීන්ගේ පද්ධතිය ඔස්සේ ඉතා සමීපව ආදාල විපතට පත් රටවල් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද සදහන් කෙරුණි.
ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහයෝගීතාව වර්ධනය කිරීම, ත්‍රස්තවාදයට ගොදුරු වී සිටින රටවල ගැටලු හදුනා ගැනීම, ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා එක්ව කටයුතු කිරීම ආදිය එහිදී සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රති ත්‍රස්තවාදයේ කටයුතු සදහා ඉන්දියාව, ජපානය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය මහලේකම්වරයා විසින් අගය කිරීමකට ද ලක් කළේය. එසේම නෙදර්ලන්ත රජයට ද ස්තූතිය පුද කරන ලදි.
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කරමින් එහිදී අනුස්මරණ වැඩසටහනක් ද පැවැත්වුණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.