පාසල් කටයුතු ක්‍රමයෙන් යථාතත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) –පාසල් කටයුතු මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පසුගිය දිනවලට සාපේක්ෂව අද(09) දිනයේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. එයද පාසල්වලට සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවේ සහාය ඇතිව විශේෂ වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *