සේවය හැර ගිය සෙබළුන් 9,907ක් යළි සේවයට

(කොළඹ, ලංකාපුවත්) – නොදන්වා සේවය හැර ගිය යුද හමුදා සාමාජිකයින්ට නැවත සේවයට වාර්තා කිරීම සඳහා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය අදින් (10) අවසන් වේ.

පසුගිය 22 වැනිදා සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබූ අතර එම කාලය තුළ යුද හමුදාවට නොදන්වා සේවය හැර ගිය යුද හමුදා සාමාජිකයන් 9,907 දෙනෙකු නැවත සේවයට වාර්තා කර තිබේ.

අත්‍යවශ්‍ය සේවාවලින් අනතුරුව එම පිරිස්වලට ඉදිරියේදී නීත්‍යාකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් යුද හමුදාවේ අවධානය යොමු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *