(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ නව අධිරාජ්‍යයා ගේ පළමු විදේශ නායක හමුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිදුවිය. මේ දිනවල ට්‍රම්ප් ජනාධිපතිවරයා ජපානයේ සිව් දින චාරිකාවක නිරත වන අතර ටෝකියෝවේ ඉම්පීරියල් මාලිගයේ දී නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජණිය මුණ ගැසිණි.
එය විශාල ගෞරවයක් බව අමෙරිකානු නායකයා පැවසීය.
මෙවන් අවස්ථාවක් උදා වූයේ වසර 200 කට වැඩි කාලයකට පසුව බවත් ඒ අවස්ථාවේ දී අමෙරිකාව නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාලිගයට ඇතුළු වීමට පෙර නව අධිරාජ්‍යයා සහ අධිරාජිණිය ට ට්‍රම්ප් යුවළ විසින් හිස නමා ගරු කිරීමට උපදෙස් ලැබී තිබූ බවයි.
මෙම හමුවෙන් පසු සන්ධ්‍යා භාගයේ දී ඉම්පීරියල් මාලිගයේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ට්‍රම්ප් යුවළ නැවත පැමිණීමට නියමිතව තිබිණි.