එයාර්බෑග් රහිත වාහන අලෙවියට වැට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

(කොළඹ, ලංකාපුවත්) –එයාර් බෑග් නොමැති මරුටි, ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

කුඩා වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනිවාර්යෙන් වාහනයේ ගමන් කරන්නන්ගේ ජීවිත දැඩි අවදානමටකට ලක් වන බැවින් මින් ඉදිරියට එයා බෑග් නොමැති වාහන අලෙවිය තහනම් කර ඇතැයිද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

පිටරටින් ආනයනය කරන වාහන සඳහා ශ්‍රී ලංකාවේදී එයාර් බෑග් සවි කළද ඒ සඳහා කිසිදු වගකීමක් ලබා නොදෙන බවත් ආනයනික වාහන සඳහා එයාර් බෑග් සවි කර ඇත්තේ පූර්ණ පරීක්ෂාවකින් බවත් පෙන්වා දෙන සභාපතිවරයා, ඉදිරියේ දී එයාර් බෑග් නොමැති වාහන සඳහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *