විභාගය වෙනුවෙන් හැඳුනුම්පත් කඩිනමින් ඉල්ලන්න

(කොළඹ, ලංකාපුවත්) –අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර කඩිනමින් යොමු කරන ලෙසත් තවත් ඉල්ලුම් පත්‍ර ලක්ෂයක් පමණ ලැබීමට තිබෙන බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

ජාතික හැඳුනුම්පත් තුන්ලක්ෂ පනස් දහසක් පමණ නිකුත් කිරීමට නියමිත වුවත් මෙතෙක් විදුහල්වලින් එවා ඇත්තේ ඉල්ලුම්පත් දෙලක්ෂ පනස්දහසක් පමණක් වන අතර සමහර විදුහල්වලින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා කිසිදු ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *