මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්‍ෂක හේතූන් මත කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය අතර පිහිටි මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නතර නොකෙරුණි.

නමුත් අද(30) සිට සුපුරුදු පරිදි අදාළ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින පුරා දුම්රිය ස්ථාන වල ආරක්ෂාව සදහා සිවිල් ආරක්ෂක භටයින් හා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බවය.

එසේම ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය යෙදවීමටද පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *