මරදන්කඩවල පස් දෙනෙකුට මරු කැඳවමින් අනතුරක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකන්ද පොලිස් වසමේ මරදන්කඩවල,තිරික්කොණ්ඩියාඩිමඩු මාර්ගයේ අත්ට්‍රැක්ටරයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙක් මිය ගොස් තිබේ.

තවත් 12 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(19) අලුයම 01.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය. ට්‍රැක්ටරය මනම්පිටිය දෙස සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් එම දිශාවටම ගමන්කළ වෑන් රථයක් ට්‍රැක්ටරය ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වේ. ඔවුන් බෝවත්ත හා මැදිරිගිරය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයන් 05දෙනෙකු, කාන්තාවන් 05දෙනෙක් හා පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

වැලිකන්ද පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *