කුවේට්හි හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60ක් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – කුවේටයේ දී විවිධ හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 230 දරණ ගුවන් යානයෙන් අද(22) උදෑසන එම පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඔවුන්ව මෙලෙස ගෙන්වාගෙන ඇත.

මෙසේ පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයේ රැදී සිටි කාන්තාවන් 45ක් හා එරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේත්තුව භාරයේ සිටි කාන්තාවන් 15ක පිරිසකි.

සුරක්ෂා නිවාසයේ රැදී සිටි කාන්තාවන් ගිවිසුම කාලය තුළ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හා අසනීප තත්ත්වයන් හේතුවෙන් කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත.

මෙසේ පැමිණි ශ්‍රමිකයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් ශ‍්‍රමිකයින් 14 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මඟින් ලබාදී තිබේ.

මේ වන විට තවත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 173ක පිරිසක් කුවේට් සුරක්ෂා නිවාසයේ රැඳී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *