බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් වාහන ධාවනය සීමා කරයි

(කොළඹ, ලංකාපුවත්) –බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් අද (22) සිට තෙදිනක් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

ඒ අනුව අද සිට හෙට(23) අළුයම 1.30 දක්වා මාර්ග අංක 119 මහරගම දෙහිවල බස් මාර්ගය බොරලැස්ගමුව නගරය හා බෙල්ලන්තර හන්දිය දක්වා සීමා කර තිබේ.

ඒ වෙනුවට මහරගම, පිළියන්දල, කොළඹ දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා වාහන පැපිලියාන මං සන්ධියෙන් වමට හැරී කීල්ස් හන්දියෙන් නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ හැකිය.

රත්මලාන දෙහිවල සිට පැමිණෙන වාහන කීල්ස් හන්දිය හරහා පැපිලියානට ගමන් කර කොළඹ හා බොරලැස්ගලමුව දෙසට ගමන් කල හැකිය.

මීට අමතරව බොරලැස්ගමුව හා ගාලු පාර වේරහැර හන්දියෙන් ගංගාරාම මාර්ගය ඔස්සේ ගොළුමඩම හන්දිය දක්වා ගමන් කළ හැකි බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *