ඇමසන් ගිනිදැල් නිවන්නට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවියේ හදවත ලෙස හඳුන්වන ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින්ය.

පාප් වහන්සේ පෙන්වා දුන්නේ වනාන්තර පෘථිවියේ පෙනහලු හා සමාන බවයි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ සමස්ථ ප‍්‍රජාවගේම යහපැවත්ම උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවත් මේ පිලිබඳව ලෝකයේ සියලු දෙනා කනස්සල්ලට පත්ව ඇති බවයි.

කෙසේවෙතත්, ශුද්ධෝත්තම පියතුමන් මෙලෙස අදහස් ප්‍රකාශ කර ඇත්තේ වනාන්තරය තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින ගිනි ගැනීම් මැඩලීම සඳහා ප‍්‍රාන්ත 06 ක් බ‍්‍රසීල හමුදාවේ සහය ඉල්ලා ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *