දුම්රිය අනතුරට සම්බන්ධ 04කගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් හතර දෙනෙකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (28) පෙරවරුවේ අනතුර සිදුවිය. එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැත.

මෙහිදී මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු , රියදුරු සහායක සහ දුම්රිය නියාමකවරු දෙදෙනා මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *