පොහොර බෙදා හැරීමේදී ඇතිවන ගැ‍ටළු කියන්න අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – පොහොර බෙදා හැරීමේදී පැන නඟින ගැටළු විසදීමට ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමට රජයේ ලක් පොහොර සමාගම විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව ඉදිරි සතියේ සිට 0113036666 දරණ දුරකථන අංකය මේ වෙනුවෙන් ජනතාවට විවෘත වනු ඇති බව ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා කියයි.

එමඟින් පැය 24 පුරාවටම ගොවීන්ගෙ පොහොර ගැටලුවිසදීමට එම සමාගම ඉදිරියේදී කටයුතු කරන බවත් ද සභාපතිවරයා පවසයි.

මේ සේවාව පිළිබඳව ලක් පොහොර සමාගම පසුගියදා කෘෂීකර්ම ඇමැති පී.හැරිසන් මහතාද දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *