ජනපති ට්‍රම්ප්ට අරමුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –ට්‍රම්ප් පදනමේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කර ඇත.

2016 මැතිවරණ ව්‍යාපාරයට පුණ්‍යාධාර අරමුදලේ මුදල් භාවිත කර ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

නිව්යෝර්ක් අධිකරණයේ විනිශ්චයකාරවරයා මේ නියෝගය ඊයේ ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. එහිදී ඔහු අමෙරිකානු ජනාධිපතිවරයාට නියෝග කර ඇත්තේ අමෙරිකා ඩොලර් මිලියන 02ක මුදලක් ගෙවන ලෙසය.

2016 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය නිමාවීමෙන් අනතුරුව, ට්‍රම්ප් පදනම 2018 වසරේ දී වසා දැමුණි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ අභිලාශයන් වෙනුවෙන් පුණ්‍යාධාර අරමුදල අවභාවිත කිරීම එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *