(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදීන් ලබා ගත් නිදහස අරක්ෂා කර ගන්නවා ද නැති නම් හිරිහැර හිංසනය පීඩනය අසහනයට ලක් වෙමින් ශාරීරික හානි ජීවිත අහිමි කිරීම් වැනි යුගයකට නැවත යනවා ද යන්න මාධ්‍යවේදීන්ට සිතා ගැනීමට කාලය පැමිණ ඇති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
දහසය වෙනිදා ජයග්‍රහණයත් සමග දැනට ලබා දි තිබෙන මාධ්‍ය නිදහසේ මායිමේන් ඔබිබටද යෑමේ අවස්ථාවත් උදා කර දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කෙළේය. බල්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ ඊයේ (12) පැවති මාධ්‍ය වෘත්තිකයින්ගේ විශේෂ සමුළුවට සහභාගි වේම්න් ඒ මහතා මේබව පැවැසිය.
රටක ජනමාධ්‍ය කේෂත්රය මා දකින්නේ ප්‍රජාත්‍රන්තවාදය සුරක්ෂා කරන ප්රජාතත්රත්රවාදි ක්‍රමවේදය තුළ හතර වැනි කුලුන හැටියට සම්ප්රදාකුලව හැමොම දන්නවා රටක විධායකය ව්‍යස්ථාදායකය සහ අධිකරණය මේ තුන කේන්ද්‍ර කර ගෙන තමයි රටක ව්‍යස්ථාව ක්‍රියාත්මක වන්නේ. මම තරයේ විශ්වාශ කරනවා නිදහස් මාධ්‍ය රටේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කිරිමේ හතර වන ප්‍රධාන ප්‍රවාහයයි.අද වගේ අවස්ථාවක ප්රජාතන්ත්රවාදය සුරකිමේ ප්‍රධානම කුලුනක සාමාජිකයන් හැටියට මේ සියලු දෙනා හොදින්ම අවබොධ කර ගන්න ඔනැ මෙම ජනාධිපතිවරණය තුළ ඒ නිර්මාණ වන පසු තලය මත කොයි වගේ නිදහස්භාවයක් අප රටේ මාධ්‍යට තියෙනවා ද කියන කාරණාව. පහු ගිය කාලවකවානුව ක්‍රියාත්මක වු සිද්ධින් මේ සියලු දෙනාටම අමුතුවෙන් කිව යුතු නැහැ ලසන්ත වික්‍රමතුංග එකනැලිගොඩ උපාලි තෙන්නකොන් කිත්නොයාර් පොද්දල ජයන්ත ඇතුළු උතුරු බල ප්රදේශයෙත් රටේ අනෙකුත් බල ප්‍රදේශ වලත් පවතින පාලන තන්ත්රයට එරෙහි මතයක් අඳහස් ඉදිරිපත් කිරිම විවේචනාත්මකව යොජනා ඉදිරිපත් කිරිම මේ ආදි කරුණු කාරණා මත සිදු වු සිදුවිම් අනුව ඔබ සියලු දෙනාටම මම විශ්වාශ කරනවා වැදගත් කාර්යභාරයක් තියෙනවා දිනා ගත්තු නිදහස තව දුරටත් රැක ගන්න.
ඒ ප්‍රධානම තින්දුව අපේ රටේ මාධ්‍යවේදින් සියලු දෙනා උත්තර බදින්න ඔනි කාලය දැන් ඇවිත් තියෙනවා.ලබා ගත්තු නිදහස ආරක්ෂා කර ගන්නවා ද එසේ නොමැතිව මාධ්‍යවේදින්ට හිරිහැර කරන හිංසාවට පිඩනයට අසහනයට ලක් කරම්න් ශාරිරික හානි ඒ වගේම ජිවිත අහිමි කිරිම වැනි ඒවන් යුගයකට ආපහු යනව ද නොයනව ද කියන එක මාධ්‍යවේදින් සියලුම දෙනා සිතිය යුතු කාරණයක්.පළමුවෙන්ම සිතන්නට ඔනි අද ඇත්තටම ඔබතුමන්ලාට නිදහසක් තියෙනව ද?
ඒ තිබේන නිදහස ප්රජාතන්ත්රවාදය හොද දේයක්. එක පුද්ගලයෙක් තනි පාලනයක් තුලින් බොහො මාධ්‍ය ක්ෂෙත්ර වල ග්‍රහණයට ලක් කරණ කර්තෘතුමන්ලා හා අනෙකුත් නිලධාරින් ප්රවෘත්ති සිරස්තල මන්දිරවලින් තින්දු තිරණ ගන්න තැනට ආපහු යනව ද නැත් ද කියලා හිතන්න ඔනැ.සත්‍ය කථා කලොත් අද බොහො අවසථා වල දි මාධ්‍ය විවේචන වලට සියලු දෙනාම ලක් වෙනවා.අතක් උස්සන එක පැත්තකින් තියමු.ඔබ ඒ ගැන බැණුමක්වත් අහලා තියෙනවා ද ? අපි ගරු කරනවා තමුන්නාසේලාගේ නිදහස.
විශේෂයෙන්ම මේ රටේ මාධ්‍යවේදින්ට ඒ වගේම විදේශිය මාධ්‍යවේදින්ට ගවේශණ කරන්නට පුළුවන් පර්යෙශණ කරන්නට පුළුවන්.පුහුණු වෙන්නට පුළුවන් ජාත්‍යන්තර කේන්ද්‍රයක් අපේ රටේ ස්ථාපනය කරලා ඒ මාධ්‍ය කේෂත්‍රෙය් ගුණාත්මකභාවය නිපුණත්වය කුසලතාවය එවා වැඩි දියුණු කරන්න කැමතියි.රට වටේම රැස්විම් 154 ක් පවත්වනවා..මම බොහොම කනගාටු වෙනවා ගොඩ බස්සන්න තිබුණු හෙලිකොප්ටරය ගොඩබස්සන්නට බැරි වුණු නිසා කුරුණෑගල රැස්විමට සහභාගි වෙන්න බැරි වුණා. මම නම් දැක්කේ නෑ මාධ්‍ය කේෂත්‍රෙය් කවුරුත් ඒ සිද්ධිය ගැන පර්යෙෂණයකවත් කරනවා. මේ අවස්ථාවේ යොජනාවක් කරනවා යොජනාවක් චොදනාවකවත් නේවයි මම හිතන්නේ තමන්ගෙ මාධ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන කොට හැම පාර්ශවයකම හර බර දෙකම රටට ඉදිරිපත් කිරිම යොග්‍ය දේයක් ඒ ඉදිරිපත් කිරිම තුළින් තමන්ගේ මාතෘ භුමිය ඉතාමත විශිෂ්ඨත්වයකට ගෙන එන්නට හැකියාව ලැබේනවා.ඔබතුමන්ලාගත යුතු වැදගත්ම තින්දුව තමයි වෘත්තිය ආරක්ෂා කර ගනිම්න් නිදහස පුළුල් කර ගන්නවා ද නැති නම් පවා දෙනවා ද ?ඒ තින්දුව තමයි සියලු දෙනාටම ගන්න තියෙන තින්දුව.මම විශ්වාස කරනවා ඒ වැදගත් තින්දු ගයි කියලා.හොද දැණුමක් තියෙනවා.ඒ නිවරදි තින්දු පහළ වේවා කියලා කියනවා. සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ද මේහි දි අදහස් දැක්වීය.මාධ්‍යවේදීන් නියෝජනය කරමින් අනුර බණ්ඩාර රාජුගුරු මහතා ද අඳහස් පළ කිරිමක් සිදු කළේය.