ජනපතිවරණ ප්‍රචාරණය කටයුතු අවසන් වූ පසු මැතිවරණ පැමිණිලි 84ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹි කාල සීමාව තුල දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 84ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඊයේ (14) පස්වරු 04.00න් අවසන් වු පැය 24 තුළ මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මෙම පැමිණිලි 84ක් ලැබි ඇත.

ඒ අනුව පසුගිය මස 08 වනදා සිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3905ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *