(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් සිදුව තිබේ.
වෙළඳ හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව එහිදී අවධානයට ලක්වූ බව එන්ඩීටීවී ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.
තෙදින නිල සංචාරයක යෙදී සිටින දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ(08) රාත්‍රියේ දිල්ලියට පැමිණියේය.
ඇමතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික සබඳතාවල සෑම අංශයක්ම පාහේ සාකච්ඡා කළ බව වැඩිදුරටත් සදහන්වේ.