සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීමට නව නීති හදුන්වාදීමට රජය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්ෂණ උපාය මාර්ග යටතේ නව නීති හදුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සයිබර් ආරක්ෂණ තර්ජන හරහා සිදුවීම් කාර්යක්ෂම ලෙස වැළැක්වීම සහ කළමනාකරණය මෙන්ම තීරණාත්මක තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කිරීමට තීරණය කර තිබේ.

අවසාන නීතිමය පැහැදිලි කිරීම් සඳහා කෙටුම්පත නීති කෙටුම්පත්කරුට භාරදුන් බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *