පොලිස් විශේෂ කාර්ය බලකායට නව අණදෙන නිලධාරීයෙක්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස ප්‍රජා පොලිස් දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එම්. ඩබ්. ජී. එල්. ගුණතිලක මහතා පත් කර ඇත.

ඊයේ(09) දින සිට එය බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස ගුණතිලක මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *