උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය මෙවර උසස් පෙළ විභාගය සඳහා විෂයන් කිහිපයකට අදාළව වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර හෙවත් සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදීම කෙරෙහි යොමුව තිබේ.

උසස් පෙළ ගිණුම්කරණය , ජෛව පද්ධති තාක්ෂණවේදය , ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට සිසුන්ට මෙම අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය සඳහාද සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව මෙම වසරේ සිට ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *