(කොළඹ, ලංකාපුවත්) – මෙරට තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හරහා ඖෂධවල ගුණාත්මකභාවය මෙරටදීම පරීක්ෂා කළ හැකි බවයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(20) අරලියගහ මන්දිරයේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.