නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත්කර ඇත.

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබූ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට හිමිවූ නව පත්වීමක් හේතුවෙන් ලැබූ ස්ථාන මාරුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.

මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්වීමට පෙර ඉසුරු සූරියබණ්ඩාර මහතා නාවික හමුදා මූලස්ථානයේ විදේශ සබඳතා මාණ්ඩලික නිලධාරී ලෙසට කටයුතු කර ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඉසුරු සූරියබණ්ඩාර මහතා 2006 වසරේදී නාවික හමුදාවට එක්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *