තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත ලැබූ ඉපැයුම් හේතුවෙන් සන්ෂයින් 2019/20 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභදායීත්වය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රි ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත අත්කර ගනු ලැබූ ඉපැයුම් මත සිය 2019/20 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9තුළ ලාභදායීත්වයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් ව ඇත.

මෙම මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 පසුගිය වසරේ තුන්වන කාර්තුව සමග සැසඳීමේදී සමූහයේ බදුපසු ලාභය 32.3%කින් වර්ධනය වී සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 15.8ක් ලෙස වාර්තා වේ.

සමූහයේ ඉදිරිපෙළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් කිහිපයක වර්ධනය පසුගිය වසරේ සලකා බැලෙන කාලසීමාව හා සැසඳීමේදී 4.4%ක පහළ බැසීමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම හැටන් වැවිලි සමාගම විකිණීමත් සමග ඇති වූ තත්වය මේ සඳහා හේතුවක් වූ අතර පාරිභෝගික භාණ්ඩ සහ බලශක්ති ක්ෂේත‍්‍රයේ පසුබෑම ද පිරිවැටුමේ සංකෝඡුනයට හේතු විය. සන්ෂයින් සමූහයේ වර්ධනය සඳහා ප‍්‍රබලම දායකත්වය සමූහයේ සුවසේවා ක්ෂේත‍්‍රය මගින් ලබා දුන් අතර මෙය සමස්ත පිරිවැටුමෙන් 50% කි. මේ අතර පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් පිලිවෙලින් 26%ක් සහ 19%ක් සමූහයේ පිරිවැටුම සඳහා දායකත්වය දැක්වීය.

සන්ෂයින් සමූහයේ පළමු මාස 9 තුළ බදුපසු ලාභය රුපියල් බිලියන 1.7කින් වර්ධනය වූ අතර හැටන් වැවිලි සමාගම විකිණීමෙන් උපයා ගන්නා ලද රුපියල් මිලියන 343ක මුදල ද මෙයට අයත් වේ. 2019රැු20 තුන්වන කාර්තුව අවසන් වන විට බදු පසු ලාභය සහ සුළු පොලී අදායම පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 46.1්‍රකින් වර්ධනය වී රුපියල් බිලියන 1ක් බවට පත්වීමද කැපී පෙනෙයි.
සන්ෂයින් සුවසේවා අංශය (Healthcare) සිය පිරිවැටුම 20.5කින් වාර්ෂික පදනම යටතේ වර්ධනය කරගනිමින් එම අගය රුපියල් බිලියන 8.2ක් දක්වා වර්ධනය කර ඇත. මේ සඳහා ඖෂධ සහ වෛද්‍ය උපාංග උප අංශයන් ඉහළ දායකත්වයක් දක්වන ලදි. සන්ෂයින් හි පාරිභෝගික සන්නාමයන් වන සහ වටවල තේ නිෂ්පාදනයන් රුපියල් බිලියන 4.2ක පිරිවැටුමක් වාර්තා කළ අතර පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට මෙම අගය 2.9ක පසුබෑමක් පෙන්නුම් කරයි. මේ සඳහා 2020 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ සිදු වූ වෙළෙඳපොළ පසුබෑම හේතු විය.

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය වටවල වැවිලි සමාගම සහ හැටන් වැවිලි සමාගම යන සමාගම් වල ප‍්‍රමුඛත්වයෙන් පවත්වාගෙන යන අතර මෙම ක්ෂේත‍්‍රයේ පිරිවැටුමේ පසුගිය වසරේ මෙම කාලසීමාව සමග සැසඳීමේදී 40.2%ක පසුබෑමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 3.1ක් බවට පත්වීමට හැටන් වැවිලි සමාගම විකිනීම ද බලපාන ලදි. එහෙත් සන්ෂයින් සමූහයේ පාම් තෙල් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සහ පශු සම්පත් අංශය පසුගිය වසරේ ෂලකා බලන කාලයට සාපේක්ෂව 11.4%කින් වර්ධනය වීම කෙරෙහි පාම් තෙල් නිෂ්පාදන සහ ඔයිල් පාම් අස්වැන්න වර්ධනය වී බෙහෙවින් ඉවහල් විය. 2020 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9තුළ ඔයිල් පාම් නිෂ්පාදනය කිලෝ මිලියන 9.9ක් වූ අතර එය පෙර කාලසීමාවට වඩා 11%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

සන්ෂයින් සමූහයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රය රුපියල් මිලියන 255ක ආදායමක් 2020 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී හිමිකර ගන්නා ලදි. මෙය පෙර වසරට සාපේක්ෂව 18.1ක පසුබැසීමක් වූ අතර මේ සඳහා ජල පෝෂක ප‍්‍රදේශ සඳහා ප‍්‍රමාණවත් පරිදි වැසි නොලැබීම මේ සඳහා බලපාන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *