රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයට මහජනතාවට අවසර නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජනතාවගේ ඉමහත් භක්ත්‍යාදරයට පාත්‍ර වූ ජාතික වශයෙන් ඉතා වැදගත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සලකන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248වැනි වරටත් ජුලි මස 21වනදා ආරම්භ වී අගෝස්තු මස 04වනදා මැණික් ගගේ දිය කැපීමෙන් අවසන් වේ.

කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශවලට අනුව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍ය උත්සවය පැවැත්වීමට තීරණය කර ඇත.

මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාල සීමාව තුළ පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සදහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන – යාල වනෝද්‍යානය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සදහා සභාගීවීමට අවශ්‍ය අවසර ලබා නොදීමටත් තීරණය කර තිබේ.

ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව තුළ කතරගම පූජා නගරය වෙත මහජනතාවට පැමිණීමට අවසර ලබා නොදීමට ද තීරණය කර ඇතැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *