තැපැල් ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – 2020 මහ මැතිවරණයේ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරිම සදහා තවත් අමතර දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි

ඒ පසුගිය දින දෙකේ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයන් වෙනුවෙනි.

ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට තැපැල් ජන්දය සලකුණු කළ හැකි බව කොමිසම පවසයි. ඊට පසුදින එනම් ලබන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වාද ඒ සඳහා අවස්ථාව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *