(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා රෝගය වැළදී සිටින සුපිරි දකුණු ඉන්දියානු ගායක එස්.පී. බාලසුබ්රමනියම් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චෙන්නායි හි එම්.ජී.එම් හෙල්ත්කෙයාර් රෝහලේ මේවන විට ඔහු ප්‍රතිකාර ලබයි.
ඊයේ සිට ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු බව වෛද්‍යවරුන් සදහන් කර තිබේ. ඔහු තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත.
අගෝස්තු 05 වනදා සිදු කළ වෛරස පරික්ෂාවකින් එස්.පී. බාලසුබ්රමනියම් මට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.