පකිස්ථානයේ බෝට්ටු අනතුරකින් 10කට දිවි අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ විලක සිදු වූ බෝට්ටු අනතුරුකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විනෝද චාරිකාවකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණපා තිබේ. කීන්ජාර් නැමැති විලෙහි මෙම අනතුර සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය සහ බෝට්ටුව නියමිත සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ගමන් කිරීම අනතුරට හේතු වී තිබේ.

අනතුරට පත් තිදෙනෙකු බේරාගෙන ඇත. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

මෙම විල ජනප්‍රියව ඇත්තේ දිවා කාලයේ සංචාරය කිරීම සදහාය. කෙසේ නමුත් සාමාන්‍යයෙන් ජීවිතාරක්ෂක කබා ලබා නොදෙන අතර බෝට්ටු නිසි ලෙස නඩත්තු නොකෙරෙන බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *