කියුබාවට රාත්‍රීකාලයේ ඇඳිරිනීතිය පනවයි

(කොළඹ, ලංකාපුවත්) – කියුබාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් හවානා වැසියන්ට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබේ.

එමෙන්ම හවානා සිට රටේ වෙනත් පළාත්වලට යාමට එහි වැසියන්ට ඉඩ නොදෙන බව හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා සපාටා ඊයේ (27) නිවේදනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කියුබාවේ පාලක කොමියුනිස්ට් පක්ෂය වසංගත වලිගයේ කෙළවර දක්වා පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට හවානාහි දෙවැනි කොවිඩ් -19 රැල්ල පාලනය කිරීමට දැඩි අරගලයක නිරතව සිටියි.

ඒ අනුව රාත්‍රී 7 සිට ඇඳිරි නීතිය අළුයම 5 දක්වා පැනවෙන අතර, මෙය සැප්තැම්බර් මස 01වනදා ආරම්භ වන අතර අවම වශයෙන් දින 15 ක්වත් පවතිනු ඇති බව වාර්තා වෙයි.

එසේම මුඛ ආවරණයක් පැලඳ නොසිටින අයට දඬුවම් වැඩි කිරීමටත්, ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කිරීමටත් එරට බලධාරීන් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *