නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් 09 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කර ඇත.

මෙම කමිටුවට අවශ්‍ය අරමුදල් වෙන් කළ බවත් ඒ අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කල් ගතවීම හේතුවෙන් කෙටිකාලීනව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *