බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන සායිෆ් හසන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එළඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද කොරෝනා වෛසරය ආසාදනය වී තිබේ.

මොවුන් දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සදහන් වේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතය. ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *