රාජ්‍ය ආයතනවල දැන්වීම් සදහා රාජ්‍ය මාධ්‍ය

(කොළඹ, ලංකාපුවත්) – සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% ක වටිනාකමින් යුතු ප්‍රචාරණ වැඩසටහන් සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව,ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් අනිවාර්යයයෙන් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ජනමාධ්‍ය ඇමැති ‍ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක්නොවන ලෙස පවත්වාගෙන යාමේ අරමුණැතිව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *