(කොළඹ, ලංකාපුවත්) –එක් එක් අමාත්‍යාංශයන්හි සැලසුම්, ලිපිගොනුවට සීමා නොකොට එ්වා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ඇමැතිවරයාගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කළේය.
සැලසුම්, ෆයිල් එකේ තබා ඵලක් නොවන බව පෙන්වාදුන් ඒ මහතා ඒවා බිමට ගෙන ආයුතු බවද එය රාජ්‍ය ඇමැතිවරයාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (10) රාජ්‍ය ඇමැතිවරුන් සමඟ පැවැති හමුවේදී ය.
සරල ආරම්භයකින් කල්ගත වනවිට ලොකු වෙනසක් කරන්න හැකි බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ නිසා සරලම තැනින් පටන් ගතයුතු බවද 2005 දී බලයට එනවිට එළියට බහින්න නොහැකි තරමට හැමතැනම කුණු ගොඩවල් පැවැති බවද සිහිපත් කළේය. එදා තම නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක් පමණ තිබූ බවද කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක් වන නමුත් හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යාහැකි බවද පෙන්වා දුන්නේය.
පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළහැකි වෙතැයි පැවසු ජනාධිපතිවයා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යැයි සඳහන් කළේය.
“ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමැතිවරයා සම එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළ යුතු බව කියා සිටි ජනාධිපතිවරයා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි ද පැවැසීය. “හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්, ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” යැයි ද හෙතෙම පැවැසීය.
වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිවරයා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” යැයි කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම සම්බන්ධයෙන් සඳහන් කළ ඒ මහතා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීය.
“සමහර කුඹුරු පුරන් වෙලා. ඒ වායේ වී වගා කරන්න බැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන්කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මසකට වරක් හෝ රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඉදිරියට යනවිට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙණු ඇතැයි සඳහන් කළේය.