විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.

කොරෝනා තත්ත්වය සමඟ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්‍ෂණය සදහා විශ්‍රාමිකයන් කැදවීම සහ විවිධ ගැටලු සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම අද(13) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙස දැනුම් දීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *