ඥාතීන් – භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළසිරුරු ආදාහනය රජයේ වියදමින්

(කොළඹ, ලංකාපුවත්) –ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇත.

මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙනු දීමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *