අද රාත්‍රියේ සිට රථ වාහන වැරදි සෙවීමට විශේෂ මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – බීමතින් රිය පැදවීම ඇතුලු රථ වාහන වැරදි උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද(18) රාත්‍රියේ සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විවිධ ආලෝක රටා සහ නාද රටා සහිතව ධාවනය කෙරෙන රථ වාහන සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කරනු ඇත.

ගතවු පැය 48 තුළදී රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 10 ක් සිදුව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *