(කොළඹ, ලංකාපුවත්) –හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දී අද(26) ඔලු දෙකක කැස්බෑ පැටියෙකු ප්රදේශවාසීන්ට හමුවී ඇත.
එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක දමන ලද බිත්තර වළක තිබූ බිත්තර පුපුරා එමින් සිටි පැටවුන් අතරින් මේ ඔලුදෙකේ කැස්බෑ පැටවා හමුව තිඛේ.
දුර්ලභ ගනයේ මේ කැස්බෑ පැටියා ප්රදේශවාසීන් විසින් හික්කඩුව වන ජීවී කාර්යාලයට භාර දීමට පියවර ගෙන ඇත.